වත්කම් සහ දේපළ පිළිබඳ සංගණයක් සියලුම ආගමික ස්ථාන වල සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මහානායක හිමිවරුන්ගේ සහ සියලු ආගමික නායකයින්ගේ එකගතාව මත අමාත්‍යංශයේ ආගමික කටයුතු දෙපාර්තුමේන්තු මේ සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරගැනීමට කටයුතු කරන බවයි විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ .

ඇතැම් ආගමික ස්ථාන වල දේපළ සහ ආධාර උපකාර ලැබෙන ක්‍රම සම්බන්ධයෙන් මෙන්ම වෙහෙර විහාරවල අලි ඇතුන් සම්බන්ධයෙන් ද කිසිදු තොරතුරක් අමාත්‍යංශය තුළ නොමැති වීම මෙම සංගණයට හේතුවූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ

WhatsApp Group

Skip to content