ආගමක් තුළින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දායාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හජ් උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව විවිධ බෙදීම්වලින් මිනිස් වර්ගයා අතර ගැටුම් ඇති කර ගැනීම වෙනුවට සියලුදෙනා සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කම හජ් උත්සවය තුළින් පෙන්නුම් කරන බවයි විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ.
බංකොලොත් වී ඇති රටට ද එය මහත් ආදර්ශයක් ලෙස තමා දකින බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content