ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් අද දිනයේදී ද රැස්වීමට නියමිතව තිබෙනවා .

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ඊයේ දිනයේදී කාරක සභා කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වු බවයි.

අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා 8 හි සභාපතිවරුන් පත් කිරීම පළමු රැස්වීම් වාරයේදී සිදුවනවා.

ඒ අනුව කාරක සභා 4 ක සභාපතිවරුන් ආණ්ඩු පාර්ශ්වයෙන් ද අනෙක් කාරක සභා 4 හි සභාපතිවරුන් විරුද්ධ පාර්ශ්වයෙන් ද පත්කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ.

පසුගියදා ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කලා .

WhatsApp Group

Skip to content