අද අලුයම් කාලයේදී රික්ටර් පරිමාණයේ 6.3 ක භූමිකම්පනයක් ඇෆ්ගනිස්ථානයේ හේරට් නගරයට වයඹ දෙසින් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ භූ කම්පනයෙන් සිදු වූ හානි පිලිබදව මෙතක් වාර්තා වී නැහැ .

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 6 ක පමණ ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ .

පසුගිය දින කිහිපය තුළ එරට තුල ඇතිවූ ප්‍රබල භූ කම්පන මාලාවකින් පුද්ගලයින් දහසක් පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබුණා.

එමෙන්ම මෙම නවතම කම්පනය වාර්තාවී ඇත්තේ ගළවා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුරදී බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content