අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු වැලිඔය වෙහෙරතැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා වවුනියාව කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිරුවෙක් බව සදහන්.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී යතුරුපැදියේ පැදිකරු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content