සැප්තැම්බර් මස 21 වන දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ඹඛ -607 අංකය දරන ගුවන් යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම නිවේදනයේ සදහන්ව ඇත්ත අදාළ ගුවන් යානයේ සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ වන විටත් සිදුවීමට අදාළව පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

එම අවස්ථාවේ යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් සහායක නියමුවාට පාලක මැදිරියට පැමිණීමට නොහැකි වන ලෙස ප්‍රධාන නියමුවා විසින් බාධා කිරීමක් සිදු කර තිබුනා.

මගී ආරක්ෂාව සහතික කිරීම සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමුඛතාවය බවයි ඔවුන් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content