ලබන මාසයේ මැදවන විට අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජයේ ආයතනවල සහ පොදු ස්ථානවල මදුරුවන් බෝවීමේ වැඩි අවධානමක් දක්නට ලැබෙන බවයි.

https://www.vnews.lk/storage/2023/06/HARITHA-ALUTHGE-EDIT.mp3?_=1

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරින් පවසනවා.

පානදුර, වාද්දුව, හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ගණනාවකින් මෙලෙස රෝගීන් වාර්තා වී ඇති බවයි ඔහු පැවසුවේ.

හදුනාගත් රෝගීන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝගී පවුල් යම් ප්‍රමාණයක් වාර්තා වන අතර එවැනි රෝගීන් පිළිබඳ සොයා බැලීමට වෙනම සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත්කර ඇති බවයි.

 

WhatsApp Group

Skip to content