රජය යෝජනා කර ඇති ‘අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට එරෙහිව දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි සමෘද්ධිලාභීන් විරෝධතාවයේ නිරත වුනා.
විරෝධතාකරුවන් පවසන්නේ, දිළිඳු ජනතාව වෙනුවට සිය ප්‍රදේශවල පදිංචි නුසුදුස්සන් ‘අස්වැසුම‘ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබීම ඉතා අසාධාරණ බවයි.

https://www.vnews.lk/storage/2023/06/JANATHA-EDIT-.mp3?_=1

මේ යටතේ, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන කාණ්ඩ 4ක් ඔස්සේ මුල්‍යධාර ලබාදීමට නියමිතයි. ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සමාජ ආරක්ෂක දැලෙහි එක් පියවරක් ලෙස ‘අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන රජය විසින් ආරම්භ කරනු ලැබුවා .

WhatsApp Group

Skip to content