මෙම වසරේ ජූලි මාසය තුළදී අස්වැසුම වැඩසටහන යටතේ එක් ලක්ෂ දහතුන් දහස් හත්සිය දහතුන් දෙනෙකුට ප්‍රතිලාභ හිමිව ඇති බව වාර්තා වනවා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මේ අනුව අදාළ ප්‍රතිලාභීන්ට රුපියල් මිලිනයන 799 කට අධික මුදලක් ගෙවා ඇති බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විටත් අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරකර අවසන් බවටයි.

WhatsApp Group

Skip to content