අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම අද සිට ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා .

ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබාදෙනු ඇති.

ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදු කිරීමට නියමිතයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් බී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඥඟ ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වුනා.

කෙසේ වෙතත් නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතා වැඩ භාර ගැනීමත් සමග මුදල් මුදා හැරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය වූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවා .

මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කල මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා .

https://www.vnews.lk/storage/2023/08/SEHAN-SEMASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content