අස්වැසුම සහනාධාර ලබා දෙන නිලධාරියෙකු යැයි පවසමින් නිවෙස් තුළට ඇතු`ඵ වී රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑ පුද්ගලයෙකු යාපනය චුන්නාක්කම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් නිවසකින් ඔහු පවුම් 2 ක රන් මාලයක් පැහැර ගෙන ආපසු යාමට සූදානම් වූ අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාවට සැක සිතීම හේතුවෙන් ඔහුව පරීක්ෂා කිරීමේදී එම රන් මාලය හමුව තිබෙනවා.

සැකකරු එම නිවසින් පලා යන අවස්ථාවේදි ඔහුගේ හැදුනුම්පත අතරමග වැටී තිබීම හේතුවෙන් ඒ පිළිබදව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

සැකකරු පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී යාපනයේ ගම්මාන 4 කින් ඔහු විසින් මෙලෙස මිනිසුන් රවටා මුදල්, රන් ආභරණ, ජංගම දුරකථන මෙන්ම ලැප්ටොප් පරිගණක ඇතු`ඵ බොහෝ දේ සොරාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාළ සැකකරු මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content