අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ සංගණන කටයුතු ජුලි මස දෙවන සතිය වන විට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ එහි තොරතුරු පරිගණක ගතකිරීම බොහෝ දුරට අවසන් කර ඇති බවයි.

මේ වන විට අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා මේ වන විට අයදුම්පත් හාරලක්ෂ හැත්තෑපන්දහසක් ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content