අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මාර්තු 15 වනදායින් අවසන් වීමට නියමිතයි.
ඒ සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පුද්ගලයන්ට මාර්ග ගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.

දෙවැනි අදියර යටතේ තෝරාගන්නා ප්‍රතිලාභීන් වෙත ජූලි මාසයේ සිට අදාළ ගෙවීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
දැනට මිලියන 2කට ආසන්න පිරිසක් අසුවැසුම ප්‍රතිලාභ හිමි කර ගන්නා අතර එම සංඛ්‍යාව මිලියන 2.4 දක්වා ඉහළ නැංවීම දෙවැනි අදියරේ අපේක්ෂාවයි.
ඒ සඳහා මෙවර අයවැය මගින් රුපියල් බිලියන 205ක මුදලක් වෙන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content