අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය අදින් අවසන් වීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට ඊට අදාළව අභියාචනා අට ලක්ෂ තිස්පන්දහසක් සහ විරෝධතා එකොළොස්දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

අද පස්වරුවට පෙර සිය අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරන ලෙස , අමාත්‍යවරයා දැනුම් දෙනවා .

අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ඉදිරි වසර සඳහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම වෙනුවෙන් ලබන මාසයේදී යළි අයදුම්පත් කැඳවීමක් සිදු කරන බවයි.

එම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 9 ක් සහ විරෝධතා 12,000 ක් ලැබී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ අතර ලැබුණු අභියාචනා පරීක්ෂා කිරීම සදහා අධීක්ෂණ කමිටුවක් ද පත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SHEHAN-SEMASINGHE-EDIT-1.mp3?_=1

මේ අතර අස්වැසුම වැඩසටහනට විරෝධය පළ කරමින් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වෙනවා.

සමස්ථ ලංකා ප්‍රගතිශීලි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනු ලබනවා.

 

WhatsApp Group

Skip to content