අස්වැසුම සම්බන්ධව සමාජයේ පුද්ගලයන් අතර සහ සමෘද්ධි ප්‍රතිලාභීන් අතර මේ දිනවල විවිධ කතාබහ මෙන්ම මත ගැටුම් ද ඇති වී තිබෙනවා.

ඇතැම් සමෘද්ධිලාභීන් අස්වැසුම නාමලේඛනයේ නොමැති වීම නිසයි මෙම ගැටලුව ඇති වී තිබෙන්නේ.

මේ නිසා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් නොලැබූ පුද්ගලයන්ට සහ පවුල් ඒකකවලට ඒ සඳහා හිමිකම් පෑමේ අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව අස්වැසුම සුඛසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරනවා.

සුඛසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරන්නේ එම අභියාචනා ලබන මස 10 වැනි දින දක්වා භාරගන්නා බවයි.

කිසියම් පුද්ගලයකුට හෝ පවුල් ඒකකයකට හෝ අභියාචනා ඉදිරිපත් කළ හැක්කේ තමාගේ නම සුදුසුකම්ලාභී නාම ලේඛනයේ නොමැති නම් පමණක් බවයි සඳහන් වන්නේ.

රට පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සහ ගම් මට්ටමේ ඇති රජයේ කාර්යාලවල එම ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛන මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

WhatsApp Group

Skip to content