අස්වැසුම සමාජ සුබ සාධන වැඩසටහනට අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සදහා ලබා දී ඇති කාලය හෙට අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනය ඇතුලත අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරන ලෙසයි රජය දැනුම් දෙන්නේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පලකළා.

අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට අස්වැසුම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 35ක් සහ විරෝධතා එකලොස්දහසක් ලැබී ඇති බවයි.

ඉදිරි වසර සදහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම වෙනුවෙන් ලබන මාසයේදී අයදුම්පත් කැදවීමට නියමිතව තිබෙනවා.

මේ අතර සමෘර්ධි වෘත්තිය සමති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුම මහතා ද අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පලකළා.

WhatsApp Group

Skip to content