අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් ලබාගැනීම සඳහා අද දීනයේදී  රාජ්‍ය බැංකු විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් බැංකුවලට තැන්පත් කිරීමටයි පසුගියදා  සිදු කරනු ලැබවේ.

ඒ අනුව, ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර වන එම මුදල් ලබා ගැනීම සඳහා අද   පෝය දිනයේත් සියලු රාජ්‍ය බැංකු විවෘතව තැබෙනවා .

මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ අද පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා සියලු බැංකු ශාඛා විවෘත බවයි.

ඊට අදාල මුදල් මහා භාණ්ඩාගාරයෙන් පසුගියදා බැංකු වෙත නිකුත් කර තිබුණා.

 

https://www.vnews.lk/storage/2023/08/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content