2021 වසරට සාපේක්ෂව ගත වූ වසරේ දී එච් අයි වී ආසාදිතයින් සියයට 48 ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා.

වයස අවුරුදු 15 ත් 49 ත් අතර කාණ්ඩයට එච් අයි වී ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම වසර තුළදී මේ දක්වා වාර්තා වී ඇති එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 347 ක් බව සදහන්.

එමෙන්ම මෙරට සිටින සමස්ත එච් අයි වී ආසාදිතයින් සංඛ්‍යාව 4100 ක් වන බවටයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ.

කාන්තාවන්ට එච් අයි වී ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර අනුපාතයක් ලෙස ගත් විට පුරුෂයින් 7 දෙනෙකුගෙන් එක් අයෙකුට එච් අයි වී ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර ගැබිණි මව්වරුන්ගෙන් දරුවාට එච් අයි වී ආසාදනය වීමේ අවදානම ඉතා අවම අගයකට පැමිණ ඇති බවද ඒඩ්ස් මර්ධන වැඩසටහන වැඩිදුරටත් කියා සිටියා.

 

WhatsApp Group

Skip to content