පල්ලේකැලේ, තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගගේ සිය ඥාතින් සමග දිය නාමින් සිටි අවුරුදු 15 ක් වූ පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිසුන් දෙදෙනා දියේ ගිලීමෙන් අනතුරුව මහනුවර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් සිසුවෙකු පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් සිසුවා මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මෘත දේහ සම්බන්ධයෙන් මහනුවර රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දියේ ගිලී සිදු වූ මරණයන් බවට අධිකරණ වෛද්‍යවරයා විසින් වාර්තා කර තිබෙනවා. ඒ අනුව දරුවන් දෙදෙනාගේ මෘත ශරීර ඥාතීන් වෙන භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content