අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බවයි.

ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14 ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් වනවා.

එමෙන්ම අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මාකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content