අප්‍රේල් මාසය සඳහා ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති,  මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 2.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772 කි.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි.

WhatsApp Group

Skip to content