අනුරාධපුර එෛතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළදවීමේ සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අවුකළ බුද්ධ ප්‍රතිමාවට සිවුරු පැළදවීමේදී බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු හානියක් සිදුව නොමැති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

කලාප පුරාවිද්‍යා නිලධාරීන් විසින් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවුකන රාජමාහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මෙය අනවබෝධය මත සිදුවු කටයුත්තක් බවයි.

එමෙන්ම ඉදිරියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මෙවැනි කටයුතු සිදු නොකරන ලෙසද විහාරාධිපති හිමියන්ට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content