අවාරයේ ශ්‍රී පාද වන්දනාව සම්බන්ධයෙන් ශ්‍රි පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

උන්වහන්සේ පැවසුවේ අවාරයේ ශ්‍රී පාද වන්දනාවට අවසර හිමිවන්නේ විදේශිකයින්ට පමණක් බවයි.

දේශිය සංචාරකයින්ට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට අවාරයේ ශ්‍රී පාද වන්දනාවට අවසර හිමි නොවන බවයි ධම්මදින්න හිමියන් සදහන් කළේ.

දේශිය සංචාරකයින් ශ්‍රි පාද පුද බිමට සහ පරිසරයට විශාල ලෙස හානි සිදුකිරීම හේතුවෙන් මෙලෙස අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය මැයි මස 24 වනදායි අවසන් වීමට නියමිතව තිබෙනවා.

හැටන් වාර්තාකරු – රංජිත් රාජපක්ෂ

 

WhatsApp Group

Skip to content