දකුණු පළාතේ හැර අනෙකුත් කිසිදු දිස්ත්‍රික්කයක ගොවීන් වී ලබානොදෙන බවට වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.

සෑම දිස්ත්‍රික්කයකම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක් විවෘත කර ඇති නමුත් හම්බන්තොට හැර අනෙක් කිසිදු ගබඩාවකට මේ වන තෙක් වී ලැබී නොමැති බවයි සභාපතිවරයා සදහන් කළේ.

රජය විසින් පනවන ලද උපරිම මිල යටතේ වී කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට තිරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දැනට වෙළදපොලේ වී මිල රුපියල් 110 ත් 115 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති නිසා රජයේ සහතික මිලට වී අලෙවි කිරීම ගොවීන් ප්‍රතික්ෂේප කර ඇතැයි ද බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවා.

මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ රතු නාඩු වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර ඊයේ දිනයේදී වී කිලෝග්‍රෑම් 75,000 ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content