මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ අලෙවිසැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නගරයේ ඇති ආපන ශාලා, වෙළෙඳසැල් මෙන්ම, මස් හා මාළු, අලෙවි කරන ස්ථාන ද හදිසියේ පරික්ෂාවට ලක් කර තිබුණා.

එහිදී වෙළෙඳසැල් 34කට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂාවට ලක්කර ඇති අතර ඒ අතුරින් 20ක මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කර තිබෙනවා.

ඒ අනුව එම වෙළදසැල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇත්තේ.

නරක් වූ මාළු ගබඩා කළ අබලන් ශීතකරණයකට සීල් තැබීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content