අලුත් අවුරුදු සමය වෙනුවෙන් කුකු`ඵ මස් හිඟයකින් තොරව සැපයීමට හැකි බව කුකු`ඵ මස් නිෂ්පාදකයින් පවසා තිබෙනවා.

ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදියි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව කුකු`ඵ මස් කිලෝග්‍රෑමයක් 1150 කට හිඟයකින් තොරව අලෙවි කළ හැකි බව ද ඔවුන් පවසා තිබෙනවා.

මේ අතර ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවි සැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඒ අනුව බිත්තරයක් රුපියල් 43 කට මිලදී ගත හැකි බවයි සදහන් වන්නේ.

මෙම සහනය අද සිට අප්‍රේල් මස 13 වන දා දක්වා ක්‍රියාත්මක බවයි පසද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/03/PASANDA-YAPA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content