ඉදිරි උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, වෙළෙඳපොළේ බිත්තරයක මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහායි.

උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළඳපොලේ තවදුරටත් බිත්තර මිල ඉහළ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. මේ වනවිට බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 55 ත් 60 ත් අතර මිලකටයි.

WhatsApp Group

Skip to content