අලුත් අවුරුද්ද උදාවන අද සහ එළඹෙන සති අන්තයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා කියා සිටියේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම ද මෙහිදී සිදුකරන බවයි.

බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට අදාළ නල අවශ්‍ය පරිදි සියලු පොලිස් ස්ථාන වෙත බෙදා හැර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/04/NIHAL-THALDUWA-EDIT-01.mp3?_=1

ගිනිකෙළි භාවිතයේදී පරීක්ෂාකාරී වන ලෙස  ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ජනතාවයෙන් ඉල්ලා සිටියා.

https://www.vnews.lk/storage/2023/04/NIHAL-THALDUWA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content