විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද  සිට ලබන 07 වැනිදා දක්වා ඉරානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතාගේ ඇරයුමක් අනුවයි.

අමාත්‍යවරයා මෙම සංචාරය තුළ දී ඉරාන ජනාධිපතිවරයා මෙන්ම එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉරාන දේශපාලන හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ දී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content