තඹුත්තේගම තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද අලුයම වන අලියකුගේ පහරදීමෙන්  කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා

මියගොස් ඇත්තේ ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවක්.

ඇය උදෑසන 5.20 ට පමණ ආහාර පිසිමින් සිට, කරපිංචි අත්තක් කඩා ගෙන ඒම සඳහා තම නිවස ඉදිරිපිට පිහිටි තම මවගේ නිවසට  යමින් සිටියදී  ඇගේ මවගේ නිවස ඉදිරිපිටදී මෙලෙස වන අලි පහරදීමකින් මියගොස් තිබෙනවා.

ඇයගෙ කෑ ගැසීමට නිවැසියන් පැමිණෙන විට ඇය බරපතල තුවාල ලබා බිම වැටී සිටි අතර ඇය තඹුත්තේගම රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව  රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

WhatsApp Group

Skip to content