ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් මුදල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දීමක් කර තිබෙනව.

ඒ අනුව එලෙස සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවයි එම කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී ඇත්තේ.

ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන තිබෙන අතර, අදාළ දැනුම්දීම එම කොමිෂන් සභාව විසින් ඊයේ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

පසුගිය වසරේ ජුලි මස 09 වනදා එම මුදල් සොයාගෙන තිබුණා.

WhatsApp Group

Skip to content