කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ පාසලකට ශිෂ්‍යයෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගැනීමට තැත් කල ගුරුවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පාසලේ උසස් පෙළ කලා අංශය බාර ප්‍රධාන ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සිසුවා උසස් පෙළ හැදෑරීම සඳහා පාසලට ඇතුලත් කර ගත යුතුනම් අදාල ගුරුවරයා විසින් රුපියල් ලක්ෂ 3ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව සිසුවාගේ පියා සිදුකල පැමිණිල්ලක් මත අදාල මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content