අල්ලස් ලබාගැනීමට තැත් කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩමක් සඳහා අනුමැතිය ලබාදීමට රුපියල් ලක්ෂ විස්සක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමට තැත් කිරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකාර සභාපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වන අතර මෙහිදී සභාපතිවරයාගේ රියදුරා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content