අරගල සමයේදී අත්අඩංගුවට ගත් පිරිසක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

2022 මැයි මස 04වන දින පාර්ලිමේන්තු පිවිසුම අසලදී සිදුවූ විරෝධතාවයකට අදාලව අත්අඩංගුවට ගෙන තිබු විරෝධතාකරුවන් 13දෙනෙකුයි මෙලෙස නිදොස් කට නිදහස් කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩකිරීම, අයුතු අවහිරය ඇතුළු චෝදනා 13ක් යටතේ මෙම පිරිසට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබුනා.
කෙසේවෙතත් පැමිණිලි පාර්ශ්වය ලෙස කටයුතු කළ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පරවීම හා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවීම හේතුවෙන් මෙම විත්තිකරුවන් 13දෙනා නිදොස්කොට නිදහස් කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අද නියෝග කරනු ලැබුවේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමිනුයි එවකට මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේ.

WhatsApp Group

Skip to content