අරගලකරුවන් විසින් ගෝල්ෆේස් පිටියට සිදු කරන ලද අලාභය රුපියල් පනස් නව ලක්ෂ 96,484ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා විසින් ඊයේ වාචික පිළිතුරු අපේක්ෂවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කර තිබූ අතර, එම ප්‍රශ්න සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සභාගත කරන ලද පිළිතුර මගිනුයි මේ බව අනාවරන වුණේ.

මෙහිදී අරගලකරුවන් ගෝල්ෆේස් පිටියට සිදු කළ අලාභය සඳහා වැය වන සම්පූර්ණ පිරිවැය රුපියල් තිස්තුන් ලක්ෂ 31,380ක් වන බවද එහි සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මුදලට උද්ධමනය හේතුවෙන් සිදු වූ සියයට 80කින් මිල ගණන් ඉහළ යෑමේ පිරිවැය වන රුපියල් විසිහය ලක්ෂ 65,104ක මුදලද එකතු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සම්පූර්ණ මුදල නැවත අයකර ගැනීම සම්බන්ධ කටයුතු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදු කරන බවද අදාළ පිළිතුරේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content