2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සදහා හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එක්දින ලෝක කුසලානයේ ශූරයින් සදහා මෙවර අමෙරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාග මුදලක් හිමිවනු ඇති.

එමෙන්ම අනුශූරයින් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතයි.

එමෙන්ම අවසන් පුර්ව වටයෙන් ඉවත් වන කණ්ඩායමක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදල් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වන කණ්ඩායම් සදහා ඩොලර් ලක්ෂය බැගින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content