2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ජයග්‍රහණය හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අයි පී එල් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාමට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගනිමින්.

අහමාබාත්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව ටයිටන්ස් ක්‍රීඩකයින්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 182ක් ලබා තරගය ජය ගත්තා.

WhatsApp Group

Skip to content