කුරුණෑගල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 ක් සහ මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය, කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

අත්අඩංගුව ගත් සැකකරු වයස අවුරුදු 29 ක පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශන කුරුණෑගල පොලිසිය විසින් සිදු කරන බවයි.

මේ අතර කළුතර කැලිඩෝ වෙරලට හැරෙන හන්දිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වල්ලාපට්ට කිලෝග්‍රෑම් 50 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී වල්ලපට්ට ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද වැටලීම සිදු කළ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

WhatsApp Group

Skip to content