අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසයි.

ඔහු හොරණ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් වනවා.

සැකකරු හැටන් මූලස්ථාන පොලිස්ථානයට අනුයුක්තව සේවය කර තිබෙනවා.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී ඇති බවයි.

 

WhatsApp Group

Skip to content