ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 15 වන දින ත්‍රිකුණාමලය, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරයි (04) මිලිග්‍රෑම් තුන්සීය හතලිහක් (340), මත් කරල් දහයක් (10) සහ මත් පෙති විස්සක් (20)  සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 15 වන දින ත්‍රිකුණාමලය, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයින් පිරිසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර රැගෙනයමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ග්‍රෑම් හතරයි (04) මිලිග්‍රෑම් තුන්සීය හතලිහක් (340), මත් කරල් දහයක් (10) සහ මත් පෙති විස්සක් (20)  සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 28 ක් වන උප්පුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), අයිස් මත්ද්‍රව්‍ය සහ මත් පෙති හා කරල් ඉදිරි නීතිමය කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content