අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සහ 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

වත්තල පොලිස් වසමේ හැඳල ඇළකන්ද ප්‍රදේශයේදී මෙම සැකකරුවන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03යි ග්‍රෑම් 336ක් පොලීසිය සොයාගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content