කුඩා භූ කම්පන දහස් ගණනක් ඇති වීම හේතුවෙන් අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීමේ අවධානමක් මතුව තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් අග සිට මේ දක්වා කුඩා භූ කම්පන 20,000ට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම පසුගිය පැය 24 තුළ පමණක් කුඩා භූ කම්පන 1,400ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ගිනිකඳු පිපිරීමක් සිදු වන්නේ නම් ඒ අවට සිටින ජනතාවට ආරක්ෂා වීම සඳහා ස්ථානයක් නම් කර ඇති බවට එරට ආරක්ෂක අංශ සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content