ඉදිරි දින කිහිපය තුලද අධික වැසි සහිත කාලගුණ තත්ත්වය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි අද දිනයේත් අපේක්ෂා කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

වර්ථමානය වන විට පවුල් 14,000ක් අධි අවධානම් කලාප වල ජීවත් වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පවසනවා.
ඒ අනුව රතු නිවේදන නිකුත් කළ වහාම එම නිවාස වලින් තාවකාලිකව ඉවත්වීමට කටයුතු කරන ලෙසයි ඒ මහතා එම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර නායයාම් නිවේදන පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව ආපධා කලමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content