දිවයිනේ නිරිතදිග කොටසට නොනවත්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් ගතවූ පැය 24 දී පමණක් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට දිවි අහිමිව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීමෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලට ඉතා තද වැසි සමඟ දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
මේ අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ, ඇහැළියගොඩ ප්‍රදේශයෙන් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .
එහිදී ඇහැළියගොඩ ප්‍රදේශට ඇදහැලී ඇති වර්ෂාපතනය මිලිමීටර් 427.5ක් බවද සදහන් .
තවද හල්වතුර වත්ත, ඉංගිරිය ප්‍රදේශයට මිලිමීටර් 348.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර අකුරැස්ස ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 283.5 ක් බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ .
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ .

WhatsApp Group

Skip to content