බංග්ලාදේශයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උතුරු දිග බංග්ලාදේශයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා .

අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ .

ප්‍රධාන ගංගා රැසක් පිටාර ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටව ඇති බව වාර්තා වෙනවා .

ගංවතුරෙන් කුඹුරු හා සත්ත්ව ගොවිපළවලට ද හානි සිදුව තිබෙනවා.

ගංවතුරට මැදිව සිටින ජනතාව බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් යුහුසුළුව ක්‍රියාත්මක බවයි බංග්ලාදේශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

වාර්ෂිකව බංග්ලාදේශයේ මිලියන 3යි දශම 5ක පමණ පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

WhatsApp Group

Skip to content