අයහපත් කාලගුණයත් සමග පසුගිය දින 5ක කාලය තුළ ඇති වූ සුළං හා තද වැසි නිසා නිවාස 975ට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.
මෙම කාලය තුළ වැඩිම නිවාස හානි කළුතර දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ නිවාස 213කට හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 183කට, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 180කට, මාතර දිස්ත්‍රික්කයේ නිවාස 132කට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 79කට හානිසි සිදුව තිබෙනවා.

WhatsApp Group

Skip to content