අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද තීරණය කර ඇත්තේ.
අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ වනවිට පුද්ගල මරණ 8ක් වාර්තා වූ අතර තවත් අනතුරුවලින් පුද්ගලයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සදහන් කළේ.
ඔවුන් වෙනුවෙන් වන්දි ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි මුදල් ලබාදීමට නියමිතයි.
අත්තිකාරම් ලෙස මේ වනවිටත් රුපියල් 25,000 බැගින් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content