ඉදිරිපත් කරන ලද අයවැය තුළින් පෙන්වන්නේ මැතිවරණය මූලික කරගනිමින් නිර්මාණය කරන ලද අයවැයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ අංශාධිපති අමින්ද මෙත්සිල මහතා පවසනවා.

කොළඹ කුලී නිවාසලාභීන්ගෙන් ලබා ගන්නා මුදල් කප්පාදු කිරීම සහ ඔවුන්ටම එහි හිමිකාරිත්වය පැවරීම යන කරුණු මත ඒ බව තහවුරු වන බවටයි ඒ මහතා අද දින වී එෆ් එම් සිද්ධමුල්ල කාලීන වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/11/AMINDA-METHSILA-EDIT-01.mp3?_=1

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ අංශාධිපති අමින්ද මෙත්සිල මහතා.

https://www.vnews.lk/storage/2023/11/AMINDA-METHSILA-EDIT-02.mp3?_=2

මේ අතර 2024 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතාව පවසන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය තුළින් ජනතාවට කිසිදු සහනයක් සලසා නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/11/MINISSU-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content