2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතයි.

ඒ අනුව අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

2024 වසර සඳහා වන රජයේ විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,860ක්.

2023 වසරේ රජයේ විසර්ජන කෙටුම්පත අනුව ඇස්තමේන්තුගත වියදම දැක්වුණේ රුපියල් බිලියන 3,657 ක් ලෙසයි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව 2024 වසර සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 203කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ සාම්ප්‍රදායික අයවැයකට එහා ගිය නිර්මාණශීලී ප්‍රතිපත්ති මාලාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් ජනතාවට ඒ පිලිබඳ බලාපොරොත්තු තබාගත හැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඉතිහාසයේ බරපතළම අභියෝගාත්මක අයවැය බවට මෙවර අයවැය පත්වනු ඇති බවයි.

මේ අතර හෙට දිනයේ ඉදිරිපත් කරන අයවැයෙන් විශාල සහනයක් ජනතාවට නොලැබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

https://www.vnews.lk/storage/2023/11/S.B-DISANAYAKA-EDIT-.mp3?_=1

එමෙන්ම මෙවර අයවැය තුලින් ඉන්ධන මිල ඉහල දැමීමේ සුදානමක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසනවා .

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පල කලේ .

https://www.vnews.lk/storage/2023/11/MAYANTHA-DISSANAYAKA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content