සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ ඩකා මීපූර් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසිය වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නර් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

එමෙන්ම අයර්ලන්තය ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරනු ලබන්නේ වසර 4 කට පසුව වීම ද විශේෂත්වයක්.

මේ අතර පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට අයර්ලන්තය කඩුලු 03 ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 65 ක්.

WhatsApp Group

Skip to content